Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයට අපහාස කළැයි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සහ අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා මත පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය පසුගියදා (28) නියෝග කර තිබිණි.

අදාළ නීතීඥවරියට මෙම චෝදනා එල්ල කරමින් නඩුවක් ගොනුකර ඇත්තේ පුත්තලම මහාධිකරණයේ ලේකඛාධිකාරීවරිය විසිනි. ඒ අනුව ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් එම නීතීඥවරියව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබූ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පුත්තලම මහාධිකරණ ආරංචිමාර්ග සඳහන් කළේ අදාළ නීතීඥවරියට අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ ඇය නාභිය පෙනෙන ආකාරයෙන් සාරිය ඇඳීම නිසා බවයි. නාභිය පෙනෙන ලෙස සාරිය නොඅඳින්නැයි මීට පෙර විනිසුරුවරිය අදාළ නීතීඥවරිය කැඳවා අවවාද කර තිබුණු බවත් ආරංචිමාර්ග පැවසීය.

Related posts

යුරේනියම් ගෙනා නැවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් පිටත් කරයි

Mohamed Dilsad

NEWS HOUR | 6.30AM | UTVHD

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

Leave a Comment