දේශීය

යුරේනියම් ගෙනා නැවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් පිටත් කරයි

(UTV | හම්බන්තොට) – හම්බන්තොට වරායට ඔබ්බෙන් ඇති විකිරණශීලි යුරේනියම් රසායන ද්‍රව්‍ය සහිත නෞකාවේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායක් පිටත් කර යවන බව එම අධිකාරිය පවසයි.   

එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, මේ වනවිට නෞකාව හම්බන්තොට වරායට නාවුක සැතපුම් 06ක් දුරින් තිබෙන බවය.

ඉංජිනේරු කණ්ඩායමක් නෞකාවට ගොඩවී අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතින බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා සඳහන් කළේ, එම නෞකාව වරායෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බවය.

ඔහු සඳහන් කළේ, මේ වනවිටත් යාත්‍රාව වරායේ පිටත නැංගුරම්ලා ඇති බවය.

නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනයේ ෂැංහයි වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ බීබීසී නේපල්ස් නැමති මෙම නෞකාව පෙරේදා රාත්‍රී 9.00 ට පමණ හම්බන්තොට වරායට පැමිණ තිබුණි.

ඒ, එම නෞකාවේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කර ගැනීමේ අපේක්ෂාවෙනි.

Related posts

මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට

Mohamed Dilsad

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment