Trending Newsඑසැන පුවත්දේශීය

වන සත්ත්ව සංගණන වාර්තාව අද එළි දැක්වේ

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබේ. වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන වාර්තාව නිකුත් කිරීමෙන් පසු සිදුකිරීමට සැලසුම් කර ඇත.

රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් යන වගා හානිවලට ඍජුව සම්බන්ධ වනසතුන් සංගණනය කිරීම පසුගිය 15 වනදා සිදුකෙරුණි.  ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර, එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිතය. 

Related posts

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

Editor O

Leave a Comment