Trending Newsඑසැන පුවත්දේශීය

මිලේනියම් සිටි නඩුවේ, මහනුවර සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ සියලු චෝදනාවලින් නිදහස් කරයි

අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු 2002 වසරේ ප්‍රසිද්ධියට පත්කර ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි එල්ල කර තිබූ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් 2002  වසරේ ජනවාරි මස 02 වනදා වටලා  එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

Related posts

වාහන ගැන සුබ ආරංචියක්

Editor O

Malaysian lawmakers, several others charged over links to LTTE

Mohamed Dilsad

සයිටම් විරෝධතාවයට ලෝටස් වටරවුමේදී කදුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment