Trending Newsඑසැන පුවත්දේශීය

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේ දවස්වල විශේෂයෙන්ම බලශක්ති සමාගම් සියල්ලන්ටම කියනවා තමන් එක්ක තිබුණ ගිවිසුම් අපි අත්සන් කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා, අන්තිම ගිවිසුම විතරයි අත්සන් කරන්න තිබුණේ. ඒ ගිවිසුම් සියල්ලම අලුතින් ගේන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න කියලා. තමන්ට කියනවා අලුත් ගිවිසුම්වලට එන්න. මේක පිටරට ගියාම අපේ ආයෝජකයෝ මොකක්ද හිතන්නේ ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නෑ. මෙතෙන තියෙන විශේෂ බලශක්ති යෝජනා බැලුවහම ඩොලර් බිලියන 2ක් තුනක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා, සුළඟින් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ. මම හිතන්නේ නෝර්වේ අරමුදලින් මුදල් දානවා. මේ අය ගෙනාවහම මේ මුදල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපිට වඩා ලාභදායි විදියට අනෙක් තැන්වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම තියෙන අවදානම් තත්ත්වය ඉවත් වෙලා නෑ. ඒවා ඉවත් කරලා නෑ. ඒ නිසා අපිට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා.”

තම රජය පැවති කාලසීමාව තුළ ආදානි සමාගම සමග ක්‍රියාත්මක කිරීමට එකඟවූ යෝජිත සුළං බලාගාරයේ මිල ගණන් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය.

“එකඟවුණාට පස්සේ කඩන්න බෑ. ආණ්ඩුව යළිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්වන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල දෙයක් වෙලා තියෙන්නේ අදානි ගිවිසුම. අදානි ගිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අදානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරද්දි අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කළා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිලයි. ඒක ඇතුළේ අපි කළේ. එකෙන් පිට පැන්නහම මොකද්ද හිතන්නේ ? අන්න එතැනයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ ඇමෙරිකානු ශත 8.26ක. දැන් මේක මාරු කරද්දි කොහොම ද කරන්නේ ?”

Related posts

මුල්ලේරියාව දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු අධිකරණයට

Mohamed Dilsad

කොරෝනාවෙන් සිදුවූ මෙරට ආර්ථීක හානිය විමසන්න සමීක්ෂණයක්

Mohamed Dilsad

පස් කන්දකට යට වීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment