Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුගේ හැසිරීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වී තිබෙන චෝදනාවත් දේශබන්දු තෙන්නකෝන් සෙවීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයත් දෙකම එකම ආකාරයක පවතින හෙයින් පොලිස්පතිවරයා කළ ක්‍රියාව අසාධාරණ බව කිව නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යමෙක් වැරද්දක් කර ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වුවත් ඒ මත පිහිටා සමස්ත පද්ධතියටම පහර නොගැසිය යුතු බවයි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. ”යම් කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියෙනවනම්, ඒක අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන්න. හැබැයි සමස්ත පොලිස් පද්ධතියටම පහර ගැසීම වැරදියි. එක වෙලාවක හමුදාවේ හිටපු නිලධාරින් හෝ සෙබළුන් හමුදාව හැර ගිහිල්ලා ඝාතකයෝ බවට පත් වෙලා කියලා සමස්ත ත්‍රිවිධ හමුදාවටම ගහනවා. අනිත් පැත්තෙන් පොලිස්පතිවරයාගේ ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන මුළු පොලීසියටම ගහනවා. මුළු පොලීසියම සහ පොලීසියෙම ගෞරවය කෙලෙසුවාම අර යාපනයේ වුණා වගේ අත්අඩංගුවට ගන්න ගියාම පොලීසියටත් ගහලා එලවන තත්ත්වයට පත් වෙනවා. පහුගිය කාලේ ඒක දේශපානඥයන්ටත් වුණා. දැන් පොලීසියටත් වෙනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේනීතිය ක්‍රියාත්මක කරන්න. ඒක කාටද කියන ප්‍රශ්නෙ නෙවෙයි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් මේ රටේ ආයතනවලට තියෙන ගෞරවය කෙලෙසන්න එපා. ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි තමන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව. දැන් දේශබන්දුට තියෙන එක චෝදනාවක් තමයි පළාතේ පොලීසියට දැනුම් නොදී කොළඹින් කණ්ඩායමක් යවලා මෙහෙයුමක් යන අතරතුර යම් සිදුවිමක් සිද්ධ වුණා. ඒකට උපදෙස් දුන්නා කියලා. හැබැයි ඉතින් එතුමාව හොයන්නෙත් ඒ විදිහටනම්, එතකොට එතුමා කරපු ක්‍රියාවලිය අසාධාරණයි කියලා අපි කොහොමද කියන්නේ. මේ දෙකම එකයිනේ”

Related posts

Thailand, Sri Lanka ink four MOUs

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

SLC to complain to CID on the pitch-fixing incident, following exposure by Al Jazeera [DOCUMENTARY VIDEO]

Mohamed Dilsad

Leave a Comment