Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු ඇතැයි වාර්තා වේ. ලබන අප්‍රේල් මාසයේ සිට මෙකී නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීන්දු කර ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා බදු ආදායම් පරතරය දෙරටටම සමාන්තර අයුරින් ක්‍රියාත්මක කිරීම නව බද්දේ අරමුණ බව සඳහන්ය. දැනට වාර්තා වන ආකාරයට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මිලදී ගැනීම් සිදු කරන අතර ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 600 ක මිලදී ගැනීම් සිදු කරයි. 

මෙම තත්ත්වය යටතේ ඇමෙරිකාවට වාර්ෂිකව සිදු කරන ඩොලර් බිලියන 2 කට අධික වෙළෙඳ අවාසිය පියවා ගැනීමට එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වන බදු අනුපාත ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන බද්දක් නොවන අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක් බවද සඳහන්ය.  කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අය කරන වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීමට ට්‍රම්ප් පරිපාලනය තීන්දු කර තිබේ.

Related posts

கொழும்பு – லோட்டஸ் சுற்று வட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ

Mohamed Dilsad

“This is no time for experimentation” – Mahinda Rajapakse

Mohamed Dilsad

Leave a Comment