Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ව්‍ක්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් 2055 වන විට ළඟා කර ගැනීමේ ඉළක්කය ට ශ්‍රී ලංකාව ළඟා විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට සහභාගීවෙමින් හිටපු ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමේ වැදගත්කම පිළිබඳවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. ” ශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතුයි.2022-24 මගේ ධුර කාලය තුළ දකුණු ඉන්දියාව කෙරෙහි අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතා යන ක්ෂේත්‍ර ඇතුළුව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාවයට අදාල  මාර්ග කිහිපයක්ම ගවේෂණය කළා.  මන්නාරමේ අදානි සමාගමේ  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වනවා.

අදාළ පාර්ශවකරුවන් ,ඉන්දීය ආයෝජකයින් ඇතුළු ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාවලිය මගින්  දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් ද? අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා මෙය බාධාවක් වනු ඇති.ඒ ගැන මගේ කනස්සල්ල පළ කරනවා. මගේ රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා “


තවද ශ්‍රී ලංකාව සඳහා ඇති එකම විකල්පය IMF වැඩසටහන දැයි ප්‍රශ්න කෙරුණු  විට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව IMF සහතිකයක් මත රඳා පවතින බව හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Related posts

වාහන ලක්ෂ 07ක AIRBAG අනාරක්ෂිතයි

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

சிகிச்சைக்கு கூட பணம் இல்லாமல் அனாதையாக உள்ள பூஜா தட்வா

Mohamed Dilsad

Leave a Comment