Trending Newsඑසැන පුවත්දේශීය

අයථා ලෙස උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීම සඳහා වූ  නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි. එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොළක් නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබාගැනීමට හැකිවන බව චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය විවිධ වකවානුවල සිටි පාලකයෝ, දේශපාලඥයින්ට සම්බන්ධ සමීපතමයින්, තාත්තලා, පුතාලා, බාප්පලා ඇතුළු ඒ දේශපාලනයේ හිටපු අය, ඥතීන් එකතුවෙලා අපේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් විවිධ ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කරලා තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා. එමෙන්ම ඒවා තමන්ගේ බවට පත්කරගෙන තියෙනවා. එවැනි නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයාගෙන අද ඒවා පුද්ගලික දේපොළ ලෙස පත්කරගත් ඕනෑම කෙනෙකුගේ දේපොළක් නීත්‍යානූකූලව විධිමත්ව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා යළි රජයට පවාරා ගැනීමේ හැකියාවක් ලැබෙන නව නීති සම්පාදනයක් සඳහා වන පනතක් ඉදිරි අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ අභිලාෂයන් අපි දවසින් දවස ඉටුකරමින් මේ රටේ හැම පුරවැසියෙකුගේම බලාපොරොත්තු ඒ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය විදිවිධාන කලබලයක් නැතුව ඉදිරියට ගෙනියනවා.”

Related posts

Final decision on revised bus fares today, Cabinet paper today

Mohamed Dilsad

புத்தளத்தில் காணாமல்போன சிறுமியைத் தேடும் பணிகள் ஆரம்பம்

Mohamed Dilsad

Is Gigi Hadid rekindling romance with former boyfriend Zayn Malik?

Mohamed Dilsad

Leave a Comment