Trending Newsඑසැන පුවත්දේශීය

කිලෝවොට් පැයකට ශත 7 කතාව, අදානි සමාගම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා අදානි ග්‍රීන් එනර්ජි සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහය පවසන්නේ, කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, අදානි ග්‍රීන් එනර්ජි හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් දන්වා සිටින්නෙමු.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව ද අදානි සමූහය නැවතත් තහවුරු කරයි.

Related posts

கண்டி வன்முறையில் சேதமடைந்த சொத்துக்களுக்கு 18 கோடி ரூபா இழப்பீடு

Mohamed Dilsad

Navy Commander given service extension

Mohamed Dilsad

Archer and Morgan star in England win

Mohamed Dilsad

Leave a Comment