Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු යළි රිමාන්ඩ්

සේවය අත්හිටුවා ඇති, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි.

අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

Related posts

Rural economy to be developed -Premier

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කර සිටින, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න වහාම එම තනතුරෙන් ඉවත් කරන්න – උදය ගම්මන්පිළ

Editor O

Leave a Comment