දේශීය

කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යය අවසන්

(UTV | කොළඹ) – කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කළේය.

අවසන් පෙරහැරේ මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණි.

විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් අනුශාසනාව සහ විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියන් විසින් එහිදී ආගමික වතාවත් සිදුකළහ.

Related posts

පොල් පොලිම් අද (26) සහ හෙට (27) නෑ.

Editor O

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍යයි – පාලිත රංගේ බණ්ඩාර

Editor O

පොල් මිල ලබන මාර්තු තෙක් අඩුවෙන්නේ නැහැ – පොල් සංවර්ධන අධිකාරිය

Editor O

Leave a Comment