Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවට, රට පාලනය ගැන අවබෝධයක් නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

වත්මන් ආණ්ඩුවට රට පාලනය ගැන අවබෝධයක් නැහැ. සංවිධානාත්මක අපරාධකරුවන්ට පවා ඒ බව වැටහී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනරජ පෙරමුණේ ‘පැන්සල’ ලකුණ යටතේ තරග වදින කණ්ඩායම සමග මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “සංවිධානාත්මක අපරාධකරුවෝ. ඒ අයටත් වැටහිලා තියෙනවා මේ ආණ්ඩුවට පාලනයක් නෑ කියලා. ඒක තමයි හැම තැනම හතර අතෙන් වෙඩි තබන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීන්ට පවා වෙඩි තබන තත්ත්වයට, වෙඩි තබලා ඝාතනය කරන තත්ත්වයට, උසාවියේ වෙඩි තබලා ඝාතනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.”

Related posts

World Court hears Iran lawsuit to have US sanctions lifted

Mohamed Dilsad

முன்னாள் போராளி தூக்கிட்டு தற்கொலை

Mohamed Dilsad

Discussions between JVP and Mahinda Rajapakse commence

Mohamed Dilsad

Leave a Comment