Trending Newsඑසැන පුවත්දේශීය

වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ට දැනුම්දීමක්

වයස අවුරුදු 70 ඉක්මවූ අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වූ මාර්තු මාසයට අදාළ, රුපියල් 3,000ක් වූ මාසික දීමනාව සහ හිඟ දීමනා ලබන 20 වනදා සිට ගෙවීම් සිදු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

අදාළ ප්‍රතිලාභීන්ට තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල හරහා එම ගෙවීම් සිදු කරන බව,  එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා පැවසුවේය. අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය නොවැම්බර් මාසයේ සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම “ස්ලිප්ස් ක්‍රමය” මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරනු ලබන බව වාර්තා වේ.

Related posts

බලශක්ති ගිවිසුම් මගින්, ත්‍රිකුණාමලය නගරය ගෙඩිය පිටින් ඉන්දියාවට දීලා..?

Editor O

තැපැල් වර්ජනය අවසන්

Editor O

Abeykoon to referee Bradby second leg

Mohamed Dilsad

Leave a Comment