Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර බස්රථයක් අනතුරක : සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙකුට තුවාල

උඩුගම සිට බද්දේගම අධිකරණ සංකීර්ණය දක්වා ධාවනය කරමින් තිබූ බන්ධනාගාර බස්රථයක්, බද්දේගම, කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ දී ලොරියක ගැටීමෙන් ඊයේ (14) සවස සිදුවූ අනතුරකින් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාගොඩ පොලීසිය කියයි.

අනතුරින් 33 හැවිරිදි හා 44 හැවිරිදි සැකකාරියන් දෙදෙනෙකු බස් රථයේ රියදුරු ඇතුළු බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ද, ලොරි රථයේ රියදුරුද තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

බන්ධනාගාර බස් රථය උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන විත්, සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු බද්දේගම අධිකරණ සංකීර්ණය ට රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

Related posts

හික්කඩුවේ වෙඩි තැබීමක් : දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉන්දීය ජාතිකයන් 11 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා පුරප්පාඩු පුරවයි

Editor O

Leave a Comment