Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාර බස්රථයක් අනතුරක : සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙකුට තුවාල

උඩුගම සිට බද්දේගම අධිකරණ සංකීර්ණය දක්වා ධාවනය කරමින් තිබූ බන්ධනාගාර බස්රථයක්, බද්දේගම, කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ දී ලොරියක ගැටීමෙන් ඊයේ (14) සවස සිදුවූ අනතුරකින් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාගොඩ පොලීසිය කියයි.

අනතුරින් 33 හැවිරිදි හා 44 හැවිරිදි සැකකාරියන් දෙදෙනෙකු බස් රථයේ රියදුරු ඇතුළු බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ද, ලොරි රථයේ රියදුරුද තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

බන්ධනාගාර බස් රථය උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන විත්, සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු බද්දේගම අධිකරණ සංකීර්ණය ට රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

Related posts

Hurricane Florence: ‘Life-threatening monster’ forces mass evacuation

Mohamed Dilsad

කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල මංතීරු නීතිය අද සිට

Mohamed Dilsad

நிதி மற்றும் ஊடக அமைச்சின் செயலாளர் நியமனம்

Mohamed Dilsad

Leave a Comment