Trending Newsඑසැන පුවත්දේශීය

තානාපති කාර්යාල සඳහා ඇමති බංගලා ඉල්ලයි

ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතයි ද වාර්තාවේ.

දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට ආසන්නය. මේ සම්බන්ධයෙන්  අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා පවසා තිබුණේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවය. මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

Related posts

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

Mohamed Dilsad

ஹம்பாந்தோட்டையில் எண்ணெய் சுத்திகரிப்பு நிலையம் பிரதமர் தலைமையில் அடிக்கல் நாட்டு நிகழ்வு…

Mohamed Dilsad

කරුණා අම්මාන් CIDයට

Mohamed Dilsad

Leave a Comment