Trending Newsඑසැන පුවත්දේශීය

මෙන්ඩිස් සමාගමෙන් බදු අය කරගන්න, ඉදිරිපත් කළ යෝජනා මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරලා

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම පැහැර හැර ඇති රුපියල් බිලියන 5.8ක බදු ක්‍රමිකව නැවත අය කරගනිමින් එම සමාගමේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවසර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති මෙන්ඩිස් සහ සමාගම සමඟ කටයුතු කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය පැතීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැති බවයි වාර්තා වන්නේ.

මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 04 දින පියවර ගෙන තිබුණේ, මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව 3%ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම මතයි.

එසේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමෙන් පසු මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වී තිබුණා.

මෙම තත්වය මත සමාගමෙන් රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ අතර මෙම සමාගම ආශ්‍රිතව රැකියා කළ 1300 දෙනෙකු පමණ පිරිසකගේ ජීවනෝපාය ද අහිමි වී තිබෙනවා.

නව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරමින් හිඟ බදු මුදල් නැවත රජයට අයකර ගැනීම සඳහා යෝජනාවක් සකස් කර මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණා.

රුපියල් බිලියන 5.8ක හිඟ බදු මුදලින් අඩක් මුලින් ගෙවා මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමටත් එහි බලපත්‍රය මාසයෙන් මාසයට අලුත් කිරීමටත් සෑම මාසයකදීම ඒ මාසයට අදාළ බදු මුදල සහ හිඟ මුදල් වලින් වාරිකයක් ගෙවමින් ඉදිරි මාසය සඳහා බලපත්‍රය ලබාගැනීමටත් වශයෙන් යෝජනා ඊට ඇතුළත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති ඒකකය විසින් මෙම යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, මෙම බදු මුදල අයකර ගැනීම සඳහා නීතිපති මාර්ගයෙන් මෙන්ඩිස් සමාගමට එරෙහිව නඩු පැවරීම හැර වෙනත් විකල්පයක් සුරාබදු දෙපාර්තමේන්තුවට නොමැති තත්වයක් මේ වන විට උද්ගතව ඇති බව වාර්තා වෙනවා.

මාර්තු මාසය වන විට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සිය මෙහෙයුම් නවතා මාස තුනක කාලයක් ගත වී තිබුණත් එම සමාගම විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් අයකර ගැනීමට කිසිදු ප්‍රායෝගික සැලැස්මක් නොමැති පසුබිමක ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීම නීතිපති දෙපාර්තුමේන්තුවට පැවරෙනු ඇති

Related posts

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

YWMA’s Media Awareness Programme – [IMAGES]

Mohamed Dilsad

Road closure in Modara tomorrow

Mohamed Dilsad

Leave a Comment