Trending Newsඑසැන පුවත්දේශීය

සහල් මිල ගැන දැනුම්දීමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

එම මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය දැනුම් දී තිබේ.

ඒ අනුව, කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතු බව සඳහන් වේ.

එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය දැනුම්දී ඇත.

Related posts

ආබාධිත වූ සියලූ රණවිරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බව ජනපති කියයි

Mohamed Dilsad

Trump urges Russia to rein in Syrian ally

Mohamed Dilsad

ඉන්ධන සංචිත අවසන්වීම නිසා තවත් බලාගාරයක් නවතියි

Mohamed Dilsad

Leave a Comment