Trending Newsඑසැන පුවත්දේශීය

අක්මීමන වෙඩි තැබීමෙන් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීයෙක් මරුට

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (13) පස්වරුවේ යතුරුපැදියකින් ඔහුගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව අක්මීමන පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරිවරයෙකු ලෙස සේවය කළ සිරිදත් ධම්මික යන පුද්ගලයෙකු බව සඳහන් වේ. කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මේ වනතෙක් තොරතුරු වාර්තා වී නොමැත. අක්මීමන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Defamation of Minister Rishad results in compensation demand

Mohamed Dilsad

විදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

Mohamed Dilsad

Leave a Comment