Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ පසුගිය රජයන්ගේ සැළසුම් රහිත කමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිඳවැටීමට හේතුවී ඇති බවය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්, “අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.

ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා.

කොහොම වුනත් මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.

විදුලි බිඳවැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියළුදෙනාටමත් ස්තුතිවන්ත වෙනවා”

Related posts

“Ben Stokes bowled brilliantly on England return” – Eoin Morgan

Mohamed Dilsad

மண்சரிவு அபாய எச்சரிக்கை நீடிப்பு

Mohamed Dilsad

சீரற்ற காலநிலை – சுமார் 80 ஆயிரம் பேர் பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment