Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර කමිටුවක් විසින් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර  බලශක්ති අමාත්‍යංශය විසින් ද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා අදාළ විමර්ශනය සිදුකරන බවය.

දිවයින පුරා අවස්ථා කිහිපයක දී විදුලි බිඳවැටීම් සිදුව ඇති අතර අවසන් වරට 2023 වර්ෂයේ දෙසැම්බර් මස 09 වනදා සිදුවූ විදුලි බිඳවැටීම, යළි යථා තත්ත්වයට පත් කිරීමට ද පැය 06ක පමණ කාලයක් ගතව තිබුණි. කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් ඊට හේතු වී තිබු බව සඳහන් වේ.

මීට අමතරව  2016 වර්ෂයේ මාර්තු මාසයේ, 2020 වසරේ අගෝස්තු මාසයේ මෙන්ම 2021 වසරේ දෙසැම්බර් මාසයේ මෙලෙස දිවයින පුරා විදුලි බිඳ වැටීම් සිදුව ඇත.

Related posts

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

Mohamed Dilsad

Sri Lanka fails to show progress in 2018 Corruption Index

Mohamed Dilsad

இலங்கை வரும் சுற்றுலா பயணிகளுக்கு அமெரிக்கா எச்சரிக்கை

Mohamed Dilsad

Leave a Comment