Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න එජාප ය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා…?

ඉදිරියේදී කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී, මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදීද මේ බව දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කිරීමට සමගි ජන බලවේගය සූදානම් නම් ඒ සඳහාද ලබන 20 වැනිදා තෙක් කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව, එහිදී ඔහු පවසා ඇති බව සඳහන් වේ.

Related posts

Tokyo 2020 Olympics organisers test snow machine to beat the heat

Mohamed Dilsad

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

Mohamed Dilsad

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

Mohamed Dilsad

Leave a Comment