Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් ගැටීමෙන් අනතුරක්

බ්‍රිතාන්‍යයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් එකිනෙක ගැටී තිබෙනවා. එම යාත්‍රාවන් හි සිටි 36 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති අතර එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අනතුරට ලක්වූ ඉන්ධන නෞකාවේ ගුවන් යානා ඉන්ධන කිහිපයක් මුහුදට කාන්දු වී ඇති බව තහවුරු වීමෙන් පසු කිසියම් පාරිසරික හානියක් තක්සේරු කිරීමේ උත්සාහයන් තවමත් සිදු වෙමින් පවතින බව සඳහන්. මෙම අනතුරෙන් එක් නාවිකයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

5000 දීමනාව ලබාදීම යළිත් හෙට සිට

Mohamed Dilsad

சிறிய ரக விமானம் விபத்துக்குள்ளானதில் 4 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දී ගැලවෙයි

Mohamed Dilsad

Leave a Comment