Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි. ඒ අනුව ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් විය.

පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින්මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බවට වාර්තා වනවා. ජයග්‍රහණයෙන් පසු මාර්ක් කාර්නි අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබිණ.

ඔහු පවසා ඇත්තේ “අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා,” “ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙනවා. අපට ඔහුට සාර්ථක වීමට ඉඩ දිය නොහැක.අපි කලින් සිතා නොගත් දේවල්, අපි නොසිතූ වේගයකින් කිරීමට අපට සිදුවනු ඇත.” යනුවෙනි. මේ අතර, හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළේය. 2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී දේශපාලන කරලියට පැමිණි ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය ලැබීය.

Related posts

ICN சம்பியன் போட்டியில் இலங்கைக்கு பதக்கம்

Mohamed Dilsad

North Korea says it has detained US citizen

Mohamed Dilsad

இலங்கை பெண்கள் கிரிக்கட் அணிக்கு புதிய தெரிவுக்குழு

Mohamed Dilsad

Leave a Comment