Trending Newsඑසැන පුවත්දේශීය

සෙනසුරාදා රිලවු ගනින්නේ එදාට නිවාඩු නිසා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

වඳුරු රිලා මොනර සංගණනයෙන් 100%ක නිවැරදි දත්ත ලබා ගත නොහැකි බවත් 90%ක හෝ නිවැරදි දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. සංගණනය සඳහා විනාඩි පහක් ලබා දීම මාධ්‍ය මගින් හාස්‍යයට ලක් කළ ද සතුන් එක තැනක සිටින නිසා පැය භාගයක් වැනි දිගු කාලයක් ඊට ලබා දිය නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.

සතුන් ඉර එළිය සැර වීමට පෙර එළියට එන නිසා උදේ කාලය සංගණනය සඳහා යොදා ගත් බවත් නිවාඩු දිනයක් නිසා සෙනසුරාදා යොදා ගත් බවත් නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි. ඉඩමේ අයිතිකරු කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක නම් එම ඉඩම්වල මෙන්ම පාසල් වැනි ස්ථානවල ද සතුන් සංගණනය සඳහා කිහිප දෙනෙකු යොමු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කීය.

Related posts

சிறுவர் உரிமைகளைப் பாதுகாக்கும் முயற்சிகளில் இலங்கை கணிசமான முன்னேற்றம்

Mohamed Dilsad

රන්ජන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

சமிக்ஞை கோளாறு காரணமாக கோட்டை தொடரூந்துகள் தாமதம்

Mohamed Dilsad

Leave a Comment