Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනයකරුවන්ට කොන්දේසි රැසක්

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළලොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ. කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය කිරීමට අවශනම් එක් වාහනයක් පමනක් ආනයනය කල හැකි අතර ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බව  මුදල් අමාත්‍යාංශ පවසයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය විය. ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය මෙසේ ද කීවාය.

“2020 දී වාහන ආනයනය කරන එක තාවකාලිකව අත්හිටවනු ලැබුවා. තාවකාලිකව නවත්වපු එක අත්හිටුවන්නයි මේ ගැසට් එක නිකුත් කළේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා. මහ බැංකුවේ නිරීක්ෂණ අරගෙන තියෙනවා. ඒ අනුව තමයි ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. HS කෝඩ් 304ක් යටතේ වාහන ලංකාවට ගෙන්වීමට අවසර දීලා තියෙනවා. යම් යම් කොන්දෙසි වලට යටත්ව,  කොන්දෙසි  වශයෙන් කිව්වොත් මේ ගෙන්වන වාහන දින 90ක් ඇතුලත ලියාපදිංචි කරන්න ඕනේ. එහෙම ලියාපදිංචි කරලා නොතිබුනොත් 45%ක උපරිමයකට යටත්ව CIF වලින් 3% බැගින් වු දඩ මුදලකට යටත් වෙනවා. ඒ වගේම මාස 6ක් ඇතුලත ගෙන්න ප්‍රමාණය 25% ලියාපදිංචි කරලා නොතිබුණොත් ඒ අයගේ ආනයනය කිරීමේ හැකියාව නවතිනවා. ඒ කොන්දෙසි යටතේ වාහන ආනයනයට දීලා තියෙන අවසරය නවත්වනවා.”

Related posts

International Summit on ‘Blue Economy’ begins today

Mohamed Dilsad

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ

Mohamed Dilsad

Colombo – Katunayake luxury private buses on strike

Mohamed Dilsad

Leave a Comment