Trending Newsඑසැන පුවත්දේශීය

සුජිවගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (04) දැනුම්දී තිබේ.

අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සුජීව සේනසිංහ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහිර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලින.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව සුජීව සේනසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර තිබේ.

Related posts

இன்று கிராம நிருவாக அதிகாரத்திற்கான வாக்களிப்பு

Mohamed Dilsad

சவால்களைக் கண்டு ஓடி ஒளிபவர்கள் நாமில்லை…

Mohamed Dilsad

Serb Nationalist triumphs in Bosnia Poll

Mohamed Dilsad

Leave a Comment