Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇණවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට එළඹි බවත් බෙදුම්කරුවන්ගේ සියයට 3 ක කොමිස් මුදල කපාහැරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව, මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි, එම සංගමය පැවසුවේ. ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

2022 වසරේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙය බලාත්මක වී ඇති අතර ඒ අනුව දැනට ගෙවනු ලබන මුදල අනීතික බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

Related posts

ஜனாதிபதியின் சாட்சிப் பதிவு ஜனாதிபதி செயலகத்தில்

Mohamed Dilsad

Sri Lanka – Kuwait talks stress bigger role for private sector

Mohamed Dilsad

வாட்ஸ் அப்பில் புதிய வசதி!

Mohamed Dilsad

Leave a Comment