Trending Newsඑසැන පුවත්දේශීය

අයවැය 2025 කාරක සභා විවාදය අද (27) සිට ඇරඹේ

අයවැය 2025 කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතයි. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය.

මාර්තු 21 වන දින දක්වා කාරක සභා විවාදය පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙරේදා දිනයේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.

Related posts

இலங்கையில் ஐஸ் மழை………. வீடியோ இணைப்பு

Mohamed Dilsad

විභාග මධ්‍යස්ථානවල ගැටළු සඳහා විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

Bangladesh chase 322 to beat West Indies

Mohamed Dilsad

Leave a Comment