දේශීය

විභාග මධ්‍යස්ථානවල ගැටළු සඳහා විශේෂ දුරකථන අංකයක්

(UTV | කොළඹ) – විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය සේවා සම්බන්ධ ගැටළු සඳහා 1988 අංකය අමතන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින් වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලැබී නැත්නම් වහාම අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැක.

විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන්හි විශබීජහරණ කටයුතු සහ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යේෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස ද පත්කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

Related posts

කොවිඩ් මරණ ගණන 552 දක්වා ඉහළට

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන්න

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු පිරිසකට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment