Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ සේවයට දේශපාලනික පත්වීම් කරන බවට නිවේදනයක් නිකුත් කළැයි විදේශ ඇමැති විජිත හේරත්ගෙන්, නිලධාරීන්ට දෝස් මුරයක්

විදේශ සේවයට දේශපාලනික පත්වීම් කරන බවට නිවේදනයක් නිකුත් කිරීම ගැන විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් දෝෂදර්ශනයට ලක්කර ඇත.

යම් ප්‍රකාශයක් කිරීමට පෙර දේශපාලන බලධාරින් සමග සාකච්ඡා කිරීමට ඉඩ තිබුණු බවත් එසේ නොකොට නිවේදන නිකුත් කරන්නේ නම් ප්‍රසිද්ධ මාධ්‍යයෙන්ම ප්‍රශ්න විසඳාගන්නා ලෙස කියමින් ඇමැතිවරයා එම නිලධාරින් විවේචනය කර තිබේ.

විජිත හේරත් ඇමැතිවරයා මේ විවේචනය කර ඇත්තේ විදේශ සේවා පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ඉල්ලීමක් කළ අවස්ථාවේය. ඇමැතිවරයා ඉල්ලා සිටි සාකච්ඡාව ලබා දී නැති අතර ඒ වෙනුවට එම නිලධාරින් දැඩිව විවේචනය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජනබලවේග ආණ්ඩුව ද පෙර පැවැති ආණ්ඩු මෙන් විදේශ සේවයට දේශපාලන පත්වීම් කරන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කළේය. ජාතික ජනබලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත්කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතු’ බව සඳහන් කළ ද ඊට පටහැනිව කරන දේශපාලන පත්වීම් සිය සංගමය තැතිගන්වනසුළු යැයි එම නිවේදනයේ සඳහන් කර තිබුණි.

Related posts

2 Buildings declared open in Harispattuwa under ‘Nearest School is the Best School’ Project

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | ආගමික භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න ලොන්තපොල්ට බෑ – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

Leave a Comment