Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ගැන අනාවරණයක්

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ට සියයට 03%ක කොමිස් මුදලක් ලැබෙන බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මෙම කොමිස් මුදල ලබාදී ඇත්තේ, ආදායමක් ලෙස බවත් ඉන් වැට් බදු ගෙවීම, ඉන්ධන පිරවුම්හල්හි වතුර බිල්, ලයිට් බිල් ගෙවීම, සේවක වැටුප් ගෙවීම කළ යුතු බවද සඳහන් කරයි.

එනිසා මෙම කොමිස් මුදල අඩු කිරීමට රජය පියවර ගතහොත් රට පුරා ඇති ඉන්ධන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ඇතැයි ද එම සංගමය සඳහන් කරයි. ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් අද (25) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවට සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු සහ ලේකම් කුසුම් සඳනායක යන මහත්වරු සහභාගී වූහ.

Related posts

රජයේ ගබඩාවලින් වී අතුරුදන්වූ අයුරු සෙවූ වාර්තාව ඇමති අතට

Mohamed Dilsad

216 கிலோமீட்டர் வேகத்தில் வீசிய புயல் காரணமாக 6 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

සෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේ

Mohamed Dilsad

Leave a Comment