Trending Newsඑසැන පුවත්දේශීය

තේ කර්මාන්තයට ආණ්ඩුව කරන්න යන දේ

තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසීය. ඒ අනුව කුඩා තේ වතු සඳහා වගාව නැවත නංවාලීමට සහනාධාර ලෙස පලමු අදියරේ රුපියල් ලක්ෂ 3450 ද එහි දෙවන අදියර සඳහා රුපියල් ලක්ෂ 175 ක්ද වෙන්කර ඇති බවත් නැවත වගාව වෙනුවෙන් මේ වසර තුළ හිඟ ගෙවීම් සදහා රුපියල් ලක්ෂ 2230 ක්ද වෙන් කර තිබේ.

එමෙන්ම අලුත් බිම්වල අලුත් වගාවන් සිදුකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර එම වගාවන් සදහා රුපියල් ලක්ෂ 2742 ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.  එමෙන්ම ඇතැම් වතුවල පාලු ඇති බැවින් එම පාලු සිටුවීමට බෝග පුනරුත්ථාපන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 550 ක් වෙන්කර ඇති බවත් සෘජු තේ වගාව සඳහා සහනාධාර ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 600ක් වෙන්කර ඇති බවත් සදහන් කල අමාත්‍යවරයා එම තේ වගාව යටතේ පාලු සිටුවීමටත් සහනාධාර ව්‍යාපෘතියක් ආරම්භ කොට එය ක්‍රියාත්මක කිරීමට රුපියල් ලක්ෂ 262 ක් වෙන්කර ඇති බවත් පැවසීය.

තවද අක්කර දහයට වඩා වැඩි ඉඩම්වල ජල සම්පාදනය ඇති කිරීමට සහනාධාර ලෙස රුපියල් ලක්ෂ 100ක් වෙන්කර ඇති බවත් ගුණාත්මක තේ දලු නිෂ්පාදනය සඳහා අමු තේ දලු ප්‍රවාහනයට ප්ලාස්ටික් පෙට්ටි සහ නයිලෝන් බෑග් සැපයේමේ සහනාධාර ක්‍රමයක් සූදානම් කර ඒ සදහා රුපියල් ලක්ෂ 350 ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය .

කුඩා තේ වතු හිමියන්ගේ ධාරිතා සංවර්ධනය ලෙස අවබෝධය ලබා දීම සදහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් ලක්ෂ 30 ක් වෙන්කර ඇතැයිද සඳහන් කල අමාත්‍යවරයා තේ කර්මාන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් සුවිශාල මුදලක් වෙන්කර ඇති බවත් අවධාරණය කළේය.

Related posts

President, former President mourns death of veteran Indian politician Karunanidhi

Mohamed Dilsad

Four countries cut links with Qatar

Mohamed Dilsad

Economic Council to revive trade relations between Sri Lanka and the Philippines

Mohamed Dilsad

Leave a Comment