Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය සේවක අතීකාල දීමනා ගැටළුව නොවිසඳන්නේනම් වැඩ වර්ජනයක් කරනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්

මෙවර අයවැයෙන් පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවාවන්හි සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ප්‍රතිශතය කප්පාදු කිරීමක් සිදුව ඇති බවත් මේ අසාධාරණය විසඳීම සඳහා ආණ්ඩුවට දින 07ක කාලයක් ලබාදෙන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රවී කුමුදේශ් මහතා මෙසේ ද කීවේය. “අපිට විශේෂ අතිකාල රේට් අගයක් ලබාදීලා තිබීමයි, අයවැයෙන් සාමාන්‍යයෙන් පඩි වැඩිවීමයි කියන දෙක ආණ්ඩුව බරපතළ විදියට පටළවාගෙන තියෙනවා. මේ අසාධාරණය ආණ්ඩුව පැත්තෙන් විසඳන්නේ නැතිනම් අපි නලින්ද ජයතිස්ස ඇමතිවරයාට කියනවා අපි දින 07ක කාලයක් දෙන්නම්, කරුණාකරලා මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. දින 07කට පස්සේ අපට මේකට උත්තරයක් නැතිනම් අපට වර්ජන ක්‍රියාමාර්ගයකට, සෘජුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා.

Related posts

இன்று கஞ்சிபான இம்ரான் நீதிமன்றில் முன்னிலை

Mohamed Dilsad

මේ දින වල කොරෝනා දරුවන්ට බලපාන හැටි

Mohamed Dilsad

බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment