Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී අර්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කළේය.

කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා තමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව මෙලෙස සභාගත කරන බවය.

නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සාමාජිකත්‍‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බවත් කථානායකවරයා නිවේදනය කළේය. 

එසේම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද කථානායකවරයා නිවේදනයක් සිදු කළේය. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු ‍කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පති‍වරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය

Related posts

St Petersburg metro explosion kills 11 in Russia

Mohamed Dilsad

ஒரு தொகை கேரள கஞ்சா மீட்பு

Mohamed Dilsad

பிரபல நடிகருக்கு 5 ஆண்டு சிறை!!

Mohamed Dilsad

Leave a Comment