දේශීය

බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) දින පස්වරු 1 සිට පස්වරු 3 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම මගින් මගී ප්‍රවාහන බස්‍ රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන්නේ ද යන්න පරීක්ෂ කිරීම, මගී ජනතාව නිවැරදිව නාසය සහ මුඛ්‍ය වැසෙන පරිදි මුඛ ආවරණ පැළඳ සිටීම, වායුසමනය කළ මගී ප්‍රවාහන බස් රථ තුළට වාතාශ්‍රය නිසි ලෙස ලබෙන පරිදි ජනෙල් විවර කර තිබීම, සිල්ලර වෙළෙඳසැල්, ඖෂධ හල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව පිළිබඳව ජහා ඒවායේ පිටත දැන්වීමක් ප්‍රදර්ශනය කිරීම සහ වෙළෙඳසැල් තුළට සීමිත පාරිභෝගියකයින් සංඛ්‍යාවක් ඇතුළ් කර තිබේද යන්න පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරුණා.

මෙම විශේෂ මෙහෙයුම් අපොලිස් නිලධාරීන් 437 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, එහිදී මගී ප්‍රවාහන බස් රථ 998ක් හා වයුසමනය කළ බස්‍ රථ 207ක් සහ සිල්ලර වෙළෙඳසැල් , ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් 1290ක් ද මෙහිදී දැඩි සෝදිසි කිරීම්වලට හසු වූ බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසළකා ක්‍රියා කළ මගී ප්‍රවාහන බස් රථ 369කට සහ වායුසමනය කළ බස් රථ 67කට සහ රියැදුරන් සඳහා ද වෙළෙඳසැල් 581ක් සඳහා ද පොලීසිය විසින් දැඩි අවවාද කර තිබෙනවා.

Related posts

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන

Mohamed Dilsad

ටිකිරි මැණිකේ වටගොඩදී පීල්ලෙන් පනී

Editor O

ගුටි කෙළිය බේරන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Mohamed Dilsad

Leave a Comment