දේශීය

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පතුරුවන අය සොයයි

(UTV |කොළඹ) – කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සහ බෙදාහරින පුද්ගලයින් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන සහ ඒවා බෙදාහරින පුද්ගලයින් සොයා පරීක්‍ෂණ පැවැත්වෙන බවයි.

රජය විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිගේ ගෑස් සිලින්ඩරය උස්සලා

Editor O

සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචියට විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment