Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිගේ ගෑස් සිලින්ඩරය උස්සලා

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරු බිඳ නිවසේ භාණ්ඩ සොරකම් කර ඇති බවට අම්බලන්ගොඩ පොලිසියට ඒ මහතා පැමිණිලි කර තිබෙනවා. ඒ මහතා ඊයේ (22) දින අම්බලන්ගොඩින් බැහැරට ගොස් ඇති අතර අද (23) සිය නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ දොර කවුරුන් විසින් හෝ කඩා ඇතුල්වී තිබේ.

නිවසේ තිබු රූපවාහිනි යන්ත්‍රය,  ගෑස් සිලින්ඩර දෙකක් සහ වටිනා අත්ඔරලෝසු දෙකක් ඇතුලු භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවයි මහින්ද දේශප්‍රිය පැවසීය.

ඒ අනුවයි ඒ මහතා අම්බලන්ගොඩ පොලිසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ. සොරකම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය හා ඇගිලි සලකුණු අංශය විමර්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

கடும் காற்று கடும் மழை கடல் கொந்தளிப்பு

Mohamed Dilsad

ஒரு தொகை போதைப்பொருளுடன் நபர் ஒருவர் கைது

Mohamed Dilsad

கோட்டாபயவுக்கு எதிராக அஹிம்சாவினால் தாக்கல் செய்த வழக்கு தள்ளுபடி

Mohamed Dilsad

Leave a Comment