Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඔහුව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණ අවස්ථාවේදීයි, මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි, පොලීසිය පැවසුවේ.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ

Related posts

පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවට

Editor O

තවත් අමාත්‍යාංශ තුනකට ලේකම්වරු පත්කෙරේ

Mohamed Dilsad

අඩු ආදායම් ලාභීන් සඳහා වන රැකියා ලක්ෂයේ අයඳුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment