Trending Newsඑසැන පුවත්දේශීය

ඇමතිවරු වන, බිමල් රත්නායක ට සහ වසන්ත සමරසිංහ ට එරෙහිව නඩු

ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැනි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරු වන වසන්ත සමරසිංහ සහ බිමල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මත්පැන් අලෙවි බලපත්‍ර හිමිකරුවන් දෙදෙනෙකු වන මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධර්මේන්ද්‍ර රාජා සහ බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් දිනූක ප්‍රියදර්ශන විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි, හිටපු මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, අල්ලස් කොමිසමේ සාමාජිකයන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ සහ බිමල් රත්නායක, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි මස 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවති සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාලසීමාවේ නීතියට පටහැණි වන අන්දමින් විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ.

Related posts

වත්මන් ආණ්ඩුව පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ගන්නවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Investigation launched on IGP

Mohamed Dilsad

Rishad extends Eid greetings

Mohamed Dilsad

Leave a Comment