Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබේ. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක්.

ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවෙන අතර ඔවුන් දැනට ආරක්ෂිතව සිටින බව වාර්තා වෙයි. තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මොවුන් රැගෙන ඒමට නියමිත අතර, ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමටද නියමිතයි.

මේ අතර අනෙකුත් සිව්දෙනා මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටින බවත් වාර්තා වේ. ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා තායිලන්න විදේශ කටයුතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම සයිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට සහාය දෙන ලෙස ඉල්ලා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකියින් පිරිස බේරාගැනීමට හැකිවී තිබේ.

Related posts

Karunanidhi’s Daughter Kanimozhi calls on PM – [IMAGES]

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵළයට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් ලන්ඩනයට

Mohamed Dilsad

Leave a Comment