Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

රජය විසින් මෙවන විට වී කිලෝ 675 ක් මිලදීගෙන තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද මහතා සඳහන් කරන්නේ රජයේ සහතික මිල යටතේ මෙම වී තොගය මිලට ගත් බවයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

තවමත් වැඩි වශයෙන් වෙළඳපොළට වී අස්වැන්න පැමිණ නැති බවත් ඉදිරියේ වැඩි වැඩි වශයෙන් අස්වැන්න පැමිණෙන විට රජයේ ගබඩා කරාද ගොවීන් වී ගෙන එනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර රජයේ සහතික මිලට පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියකු විසින් අලෙවි කර තිබුණේ තිස්සපුර වී ගබඩාවටයි. ඔහු එහිදී වි කිලෝ 650ක තොගයක් අලෙවි කර තිබින.

Related posts

‘ஆனந்த சுதாகரனை விடுதலை செய்ய நடவடிக்கை எடுங்கள்’ ஜனாதிபதியிடம், அமைச்சர் ரிஷாட் உருக்கமான வேண்டுகோள்!

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නැහැ

Editor O

Leave a Comment