Trending Newsඑසැන පුවත්දේශීය

ඇය-වැය සහ සිංහල අලුත් අවුරුදු කාල සීමාවේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම්වීම ගැන සමගි ජන බලවේගය කරුණු කියයි.

අයවැය විවාද කාලසීමාවේ සහ සහ සිංහල – හින්දු අලුත් අවුරුදු සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අපහසු බැවින් පළාත් පාලන මැතිවරණය එයින් එපිටට යොදාගන්නා ලෙස සමගි ජන බලවේගය මැතිවරණය කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මද්දුමබණ්ඩාර මහතා මෙසේ ද කීවේය. “මැතිවරණයක් තියන්න සුදුසු පසුබිමක මේ මැතිවරණය තියන්න ඕනෙ. එහෙම නැතිව ආණ්ඩුවට ඕනෙ විදියට මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවේ හිරකරලා මැතිවරණය තියන්න බෑ. අයවැය විවාදය කියන්නේ, අයවැය විවාදයෙන් වැඩි කාලයක් තියෙන්නේ විපක්ෂයට, කාරක සභා අවස්ථාවේදී. අපි ගණපූර්ණය ආරක්ෂා කරන්නත් ඕනෙ, සියල්ල කරන්නත් ඕනෙ, ආණ්ඩුව බලනවාද දන්නෙ නෑ අපිව පාර්ලිමේන්තුවේ හිරකරලා මැතිවරණයක් තියන්න. දෙවැනි කාරණය තමයි අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් වෙනවා සිංහල අවුරුදු කාලේ මැතිවරණය තියන එකෙන්. අපි කියන්නෙ නෑ මේක මේ දීර්ඝ වශයෙන් කල්දාන්න කියලා. අපි කියන්නෙ මේ ටික පහුකරලා මැතිවරණය තියන්න කියලා. මං හිතන්නෙ උතුරේ පක්ෂත්, මධ්‍යම කඳුකරේ පක්ෂත්, දකුණේ පක්ෂත් අපි තැන්පත් කරපු මුදල් අපට ආපහු දෙන්න, ආපහු තැන්පත් කරන්න. එක පක්ෂයක් කෝටි දෙකකට කිට්ටු මුදලක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් අපි කියන්නෙ හොඳ පසුබිමක, මේ මුදල් ටිකත් ලබාගෙන මේක කරන්න දෙන්න. සමහර පක්ෂවලට එක එක තැන්වලින් එන සල්ලි තියෙනවා, ව්‍යාපාරිකයින්ගෙ සල්ලි තියෙනවා, අපිට එහෙම නෑ. අපි මැතිවරණයට සූදානම්. අපි තමයි මේ මැතිවරණය ගත්තෙ ඉතා ඉක්මනින්. මේ මැතිවරණය ඉතා ඉක්මනින් තිබිය යුතුයි. හැබැයි හොඳ පසුබිමක තියෙන්න ඕනෙ, සමබිමක තියෙන්න ඕනෙ”

Related posts

Diesel joins Winslet in the ‘Avatar’ sequels

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

Mohamed Dilsad

மக்கள் ஆணையினை ஏற்கத் தயார்

Mohamed Dilsad

Leave a Comment