Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක වැටුපත් මාලිමාවේ පක්ෂ අරමුදලට ද…?

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ වැටුප පක්ෂයේ පොදු අරමුදලකට යන බව එම පක්ෂය විසින් පවසා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව කතානායක ජගත් වික‍්‍රමසිංහ මහතාද සිය වැටුප එම අරමුදලට බැර කරන බවත් පැවසූ ඔහු කතානායකවරයා යනු සියලු දෙනාටම ස්වාධීන පුද්ගලයෙකු බවත් එවන් ස්වාධීන තනතුරක් දරන පුද්ගලයකුගේ වැටුප පක්ෂයක අරමුදලට බැර වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

කතානායක තනතුර ස්වාධීන තනතුරක් බවත් එවන් තනතුරක් දරන්නෙකු පක්ෂයක ගිණුමකට තම වැටුප බැර කරන විට එම ස්වාධීන තනතුරට වන්නේ කුමක්දැයි ඔහු විමසයි.

කතානායකවරයා නිල නිවස භාවිතයට ගෙන නැති බවත් ඔහු සිටින්නේ කොහේදැයි කිසිවකු නොදන්නා බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

ஆறு வயது சிறுவன் பிரதமர் மஹிந்த ராஜபக்ஷவிற்கு எழுதிய கடிதம் [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

Editor O

ඩයමන්ඩ් ප්‍රින්සස් හි සිටි ලාංකිකයන් දෙදෙනාව ඉන් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment