Trending Newsඑසැන පුවත්දේශීය

බිමල්ගේ අමාත්‍යාංශ ලේකම් විසින් රාජකාරීයට බාධා කරන බව පවසමින් අතිරේක ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ප්‍රවාහන නාවික හා වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තමන්ට අතිරේක ලේකම් ධුරයේ රාජකාරී කිරීමට බාධා කර මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ඩබ්.එස්. සත්‍යානන්ද මහතා විසිනි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පහළොස් දෙනෙකු නම්කර තිබේ.

ජනාධිපතිවරයෙන් පසු තමන් රාජ්‍ය පරිපාලන සංචිතයට මාරුකර යවා ඇති බවත් ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් සඳහන් කරන ඔහු මෙම පෙත්සම විභාගයට ගෙන තමන්ට තනතුරේ රාජකාර කිරීමට බාධා කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටි.

සත්‍යානන්ද මහතා බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලෙසත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්වරයා ලෙසත්, තවත් අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙක් ලෙසත් කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

Related posts

SL eyes historic clean-sweep

Mohamed Dilsad

Prime Minister to Switzerland for World Economic Summit

Mohamed Dilsad

ஷவ்வால் பிறை தென்பட்டது. நாளை இலங்கையில் நோன்புப் பெருநாள்

Mohamed Dilsad

Leave a Comment