Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව වාර්තා වේ.

2021 වසරේ ජනවාරි 06වන දින ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස් බුක් ඇතුළු මෙටා සමාගමට අයත් ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම පියවර ගත් බව වාර්තා වූ අතර, ඊට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පැවරීමටයි කටයුතු කළේය.

එම වන්දි මුදලින් ඩොලර් මිලියන 22ක ප්‍රමාණයක් ට්‍රම්ප් පිහිටුවීමට නියමිත ජනාධිපති පුස්තකාලයට ප්‍රදානය කෙරෙන අතර ඉතිරි මුදල නඩු වියදම් ලෙස ලබාදීමට නියමිත බව සඳහන් වේ.

තවද, මෙවර ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට මීට ඉහත දී විරෝධය පළ කළ මාර්ක් සකර්බර්ග් ඇතුළු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් සහාය දැක්වීමට ඉදිරිපත්වූ බවද වාර්තා විය.

Related posts

பாகிஸ்தானுக்கு எதிரான போட்டியில் இலங்கை அபார வெற்றி

Mohamed Dilsad

Cooperative allegations proved false [VIDEO]

Mohamed Dilsad

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment