Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති මන්දිර හෝටල්, අධ්‍යාපන ආයතන සඳහා ලබාදෙයි

කොළඹ සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිර දෙක හැර අනෙක් ජනාධිපති මන්දිර සියල්ල වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒවා හෝටල් සඳහා හෝ අධ්‍යාපන ආයතන සඳහා ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව ඒවාගේ පිහිටීම් හා යෝග්‍යතාවය අනුව කවර කටයුත්තක් සඳහා සුදුසු වන්නේ ද යන්න ඉතා ඉක්මනින් රජය විසින් තීරණය කිරීමට නියමිතය. ඒ සඳහා තැනටමත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් වාර්තා කැඳවා තිබේ.

කොළඹ ජනාධිපති මන්දිරය රාජතාන්ත්‍රික හමු සඳහා යොදා ගන්නා බවත් මහනුවර ජනාධිපති මන්දිරය පෙරහැර චාරිත්‍ර සඳහා අවශ්‍ය වන බවත් එනිසා ඒ දෙක පමණක් තබාගෙන ඉදිරි සියල්ල වෙනත් කටයුතු සඳහා යොදවන බව ජනාධිපතිවරයා හෝමාගමදී පැවති ජන හමුවකදී කියා සිටියේය.

Related posts

Australia temporarily barred from deporting Sri Lankan family

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය නව අගමැති ධුර කාන්තාවකට

Mohamed Dilsad

Former Walapane Pradeshiya Sabha Chairman sentenced 12-years in prison

Mohamed Dilsad

Leave a Comment