Trending Newsඑසැන පුවත්දේශීය

පැන්සල් මිලදී ගැනීමේ සහ භාවිතයේ දී සැලකිලිමත් වන්න – වෛද්‍යවරුන්ගෙන් උපදෙසක්

වෙළෙඳපොළේ පවතින බොහෝමයක් පැන්සල්වල දරුවන්ගේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගත බවට වෛද්‍යවරු සඳහන් කරති. ඒ හේතුවෙන් පැන්සල් මුඛයෙන් සැපීමෙන් දරුවන් දීර්ඝ කාලීන රෝග රැසකට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

බොහෝමයක් ආනයනික පැන්සල්වල පවතින වර්ණගැන්වීම් හා ආකර්ශනීය බව නිසාම එවන් පැන්සල් මිලට ගැනීමට දරුවන් දක්වන්නේ දැඩි කැමැත්තකි. පැන්සලෙන් ලිවීමේදී, පැන්සල් උල් කිරීමේදී, එම පැන්සල් මුඛයෙන් සැපීම දරුවන් සිදුකරන්නේ ඔවුන්ටත් නොදැනීමයි.

පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවෙයි. එමනිසා පැන්සල් සැපීමේදී  දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නැත.

පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර ඊඑන්71 – 3 ප්‍රමිතියට සහතිකකර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19කින් සිරුරට ආරක්ෂාව ලබාදෙයි.

නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වේ.

එමනිසා පැන්සල් සැපීමේදී  දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නැත.

පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර EN71 – 3 ප්‍රමිතියට සහතිකකර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19කින් සිරුරට ආරක්ෂාව ලබාදෙයි.

නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වෙයි.යි.

Related posts

வெளிநாட்டு பிரஜை ஒருவர் கைது

Mohamed Dilsad

No visa fee for foreigners inquiring into wellbeing of loved ones

Mohamed Dilsad

Troops support Dengue prevention in Kilinochchi

Mohamed Dilsad

Leave a Comment