Trending Newsඑසැන පුවත්දේශීය

රට තුළ සිදුවූ අපරාධ සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අනාවරණයක්

වත්මන් ජනාධිපතිවරයා පත්වූ දා සිට ගත වූ කාලය තුළ රට අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුද හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාවල සේවයේ නිරතව සිට පුද්ගලයන් කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. පෙර වසරේ සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා. මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ විදියට තමයි මේ අපරාධ සඳහා සම්බන්ධවෙලා තියෙන්නේ” යැයි ද කීවේය.

Related posts

கட்சி தலைவர்களின் சந்திப்பின் பின்னர் ஊடகங்களுக்கு கருத்து தெரிவித்த பாராளுமன்ற உறுப்பினர்கள்

Mohamed Dilsad

”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

Editor O

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම බලරහිත කරමින් අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment